නාමල් රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

නාමල් රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේ දී නාමල් රාජපක්ෂ මහතා එලෙස නාමයෝනා පත්‍රයට අත්සන් තැබීය.

මේ අතර අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරුණි.

ඒ එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙතැයි ආරම්භයේදී අපේක්ෂා කෙරිණි.

නමුත් එම පක්ෂයේ කිහිපදෙනෙකුගේ ස්ථාවරය වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ පක්ෂය තමාට අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ඔහු එය භාරගැනීමට සූදානම් බවයි.

නමුත් ඒ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක් යොමුකර ඇති බව අගෝස්තු 06 වනදා වාර්තා වුණි