සිසුන් පිරිසකගේ පහර දීමෙන් තවත් සිසුවෙක් රෝහලට

සිසුන් පිරිසකගේ පහර දීමෙන් තවත් සිසුවෙක් රෝහලට

අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය පවසයි.

12 වැනි ශ්‍රේණියේ වානිජ අංශයේ ඉගෙනුම ලබන එම සිසුවා, බස් නැවතුම අසල සිටිය දී පැමිණි එම විද්‍යාලයේම විද්‍යා අංශයේ සිසුන් හය දෙනෙකු කුඩ වලින් සහ අතින් පයින් පහරදුන් බව පවසමින් ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත්වී තිබේ.

පහරකෑ සිසුවාගේ වම් අතෙහි වැලමිට අසල සහ පාදයේ වළලුකර අසල සුළු තුවාල සිදුවි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්දයෙන් අම්පාර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශනයක් ආරම්භකර ඇත.