අනුර කුමාර නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබීම අද

අනුර කුමාර නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබීම අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් නාම යෝජනා සඳහා අත්සන් තැබීම අද සිදු කරනවා.

එම පක්ෂයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද උදෑසන 09.30ට එළඹෙන සුබ නැකතින් නාම යෝජනා පත්‍රයට අත්සන් තැබෙන බවයි.

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම් මට්ටමේ දේශපාලන වැඩපිළිවෙලක් මේවන විටත් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසුවා.