මැච් එක බලන්න ආ ජර්මන් කථිකාචාර්යවරයාට සුද්දයක් දීලා

මැච් එක බලන්න ආ ජර්මන් කථිකාචාර්යවරයාට සුද්දයක් දීලා

කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය පවසයි.

රුපියල් 50000/= ක් විදේශීය මුදල් යුරෝ 1500 ක් හා ජංගම දුරකථනයක් ඒ අතර වන බව පොලිසිය කියයි.

ජර්මන් ජාතික කථිකාචාර්යවරයා ඉකුත් 7 වෙනිදින ක්‍රීඩාංගනයේ බියර් අලෙවි සල අසල සිටියදී ඔහුගේ ඉණ බැද තිබු බෑගයේ තිබී එම මුදල් සහ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.