දයාසිරි පිල සජිත් සමග ගිවිසුම් ගත වෙයි

දයාසිරි පිල සජිත් සමග ගිවිසුම් ගත වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගත වීම අද (07) සිදු කෙරිණ.

එහිදී, නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ ගිවිසුමට අත්සන් කළහ.

මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.