පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් ?

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නාමල් රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවට මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සඳහන් කර තිබුණත් එය දිනෙන් දින කල් දැමුණි.