මැතිවරණ කොමිසම “සුරක්ෂා” සිසු රක්ෂණය නතර කරයි

මැතිවරණ කොමිසම “සුරක්ෂා” සිසු රක්ෂණය නතර කරයි

සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු ප්‍රධානීන්ට දැනුම් ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ එවැනි බෙදාදීම් වලට කොමිසමේ විරෝධයක් නැතත් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින් ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි.

මේ අතර විවිධ පාර්ශ්ව වලට විවිධ දීමනා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා පැවසීය.

පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇත.