පොල් වගාවේ ගැටළු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්

පොල් වගාවේ ගැටළු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්

පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා සිට (05) හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.

පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව, මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරින් සූදානම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.