වාහනයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – වාහන මිලේ ලොකු වෙනසක්
වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කෙරුණු අතර අත්‍යාවශ්‍ය වාහන සඳහා එම තහනම ක්‍රමිකව ලිහිල් කිරීම සිදුවුණා.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී ප්රමුඛතාවයන් අනුව අනෙක් වාහන ආනයන සීමා ද ඉවත් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.