වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

තේ සහ රබර් වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1,700ක් දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරිණි.

ඒ අනුව, රු 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමටයි, කම්කරු අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර 2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.