ලෝටස් පාර අවහිර වෙයි

ලෝටස් පාර අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයක් පටන් ගෙන අදට දින 45 වැඩි කාලයක් ගතව තිබුණ ද බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම් වී තිබේ.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.