ශ්‍රී ලංකාවට ලකුණු 83 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක ජයක්

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත්විය.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 118ක් පමණි.