බෝට්ටුවක් පෙරලී 49 ක් මරුට

බෝට්ටුවක් පෙරලී 49 ක් මරුට

යේමනයට ඔබ්බෙන් වූ මුහුදේදී අනවසර සංක්‍රමණිකයන් 200 කට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් පෙරලී යාමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 140 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය පැවසීය.

බෝට්ටුව මුහුදේ ගිලී යන අවස්ථාවේ එහි මගීන් 260 කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් පැමිණි වැසියන් බවට තහවුරු වී තිබේ.

මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

අනවසර සංක්‍රමණිකයන් පිරිස, උත්සාහ ගෙන ඇත්තේ, යේමනයේ සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටය.

බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.