![ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/05/is.jpg?quality=100&f=auto)
ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.