වාරණයට එරෙහිව විජයදාසගෙන් පෙත්සමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (29) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
ඒ අනුව, එම පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.