කරන්දෙණිය PHI ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් හයක්
නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චි මහතාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බව ද එම කාර්යාලය කියයි.
මේ වනවිට මෙම ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද එම කාර්යාලය පවසයි.