ඉන්දීය ලොකු ළූණු යළි මෙරටට
අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ වගා කෙරෙන ලොකු ලූනු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබේ.
මේ අනුව නැවතත් ඉන්දීය ලොකු ලූනු මෙරටට ගෙන්වීමට අවස්ථාව සැලසෙන අතර ඒ අනුව මිල ගණන්ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සීමිත තොග ප්රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල රජයන් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කිරීමට තීරණය කර ඇති අතර ලොකු ලූනු අපනයනය කිරීම නවතාලීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර නොමැත.
මේ අනුව ශ්රී ලංකාව හැරුණු විට බංග්ලාදේශය, මොරිෂස්, බහරේන්, බූටානය සහ නේපාලය යන රටවලට නැවතත් ලොකු ලූනු තොග යැවීමට නියමිතය.