දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 01 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 01 වන බදාදා

රාහු කාලය
11:54 am – 1:23 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාකාරකම් බහුල වෙයි. පොදු සේවා උත්සව වැනි දේවල් යෙදේ. තම වටිනාකම ප්‍රචාරයට හේතුයි. රාජකාරි ආයතනවලද ප්‍රසාදය දිනයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

Date: 2023-10-31

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුලයි. අතපසුවීම් වැනි දේවලට හේතුයි. සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිමත්ව දවස ක්‍රියාකළ යුතු, වාද විවාද වලට ශුභවාදී නොවේ. වැය ඉහලයි. සන්ධි ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-10-31

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ගමන් බිමන් තරමක් ඇතිවෙයි. නව වැඩකටයුතු වලට යොමුවෙයි. විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ක්‍රියාකාරකම් වලදී බුද්ධිමත් වීම මැනවි. හදිසි ලාභද ලබන දිනකි. ස්නායුගත රෝග නහර වේදනා ඇතිවේ.

Date: 2023-10-31

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. අනුන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. තරමක් ගමන් බිමන් බහුල වන අතර මිල මුදල් වැයවෙයි. හදිසි ධනලාභ ලැබීම් ගෙනදෙන දිනකි. සිරසගත රෝගද මතු කරයි.

Date: 2023-10-31

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදෙකලාව ගත කරයි. මිතුරන් සමඟ සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායු ගත රෝගවලට හේතුයි.

Date: 2023-10-31

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාරද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.

Date: 2023-10-31

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමඟ තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණයතුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග, අර්ශස් රෝග මතුවේ.

Date: 2023-10-31

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමග තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග, සිරසගත රෝග මතුවේ.

Date: 2023-10-31

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. දහමට ලොල්ව ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක් දියුණුව පෙනේ. ස්නායුගත රෝග මතුවෙයි.

Date: 2023-10-31

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ඉහල යයි. ආගමික වතාවත් පුදපූජා වලට යොමුවෙයි. ලේ දූෂිත රෝග, හදවත් රෝග මතුවේ.

Date: 2023-10-31

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා නිල්
Qries

කුම්භ

ශුභවාදීව පල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා ක්‍රියාකාරකම් වලද යෙදේ. ආගමික ක්‍රියා කටයුතුවලද යෙදේ. තරමක් වැයපසද ඉහල යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතුවේ.

Date: 2023-10-31

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. හුදෙකලාව ගත කරයි. ඉවසීමෙන් ජය ලබාගත හැක. සතුරන්ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියත් කරයි. පුද පූජාකර්ම වලද යෙදේ. මුත්‍රා දැවිලි ආසාදන රෝග සාදයි.

Date: 2023-10-31

ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ