“ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා” පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

“ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා” පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 87 හැවිරිදි වියේ පසු වුණා.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද මෙම ක්‍රිකට් දිරිගන්වන්නා කා අතරත් ප්‍රසිද්ධ වූයේ ‘පර්සි අංකල්’ යනුවෙන්.

සම්පූර්ණ නමින් ඩබ්ලිව්. ඩී. පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර වන ඒ මහතාගේ ආදරණීය මව සහ පියා වූයේ ඩොලී මාග්‍රට් ද සොයිසා සිරිවර්ධන සහ වලිමුණි සයිමන් මෙන්ඩිස් අබේසේකර යන අයයි.

පර්සි මහතා වර්ෂ 1968 දී මොරටුවේ මෙලනි ද සිල්වා සමග යුග දිවියට එළඹෙනවා.

පුතෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකු වන ඒ මහතා හට මුනුබුරන් සහ මිනිබිරියන් ද සිටිනවා.

සිය අධ්‍යාපනික කටයුතු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, බැද්දේගම සිරි රතනසාර විද්‍යාලයෙන් සහ කොළඹ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් නිමකරන්නට පර්සි අබේසේකරයන්ට හැකි විය.

සිංහ ධජය ඔසවාගනිමින් ශ්‍රී ලංකාව ක්‍රිකට් තුළින් ජාත්‍යන්තරයට ගෙන යාමට දිරිගන්වන්නෙකු ලෙස පර්සි මහතාගෙන් සිදු වූ සේවාව විශිෂ්ට බවට ඕනෑම අයෙක් පිළිගන්නා කරුණක්.

වර්ෂ 1979 දී ක්‍රිකට් ක්‍රීඩා කර ඇති පර්සි මහතා ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 2 වන XI, ඩේලි නිවුස් කුසලානයේ ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය සහ කොළඹ රයිෆල් ග්‍රීන් (ගුවන් හමුදා ක්‍රීඩාංගණය) හි දී ලේක්හවුස් කණ්ඩායම පරදවා වර්ෂ 1968 දී වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනාගත් පළමු AMW ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් චරිතයයි.

සිය වෘත්තියෙන් පෞද්ගලික මෝටර් රථ සමාගමක සහ ප්‍රසිද්ධ කේබල් කර්මාන්ත ශාලාවක නිලධාරියෙකු ලෙස ද කටයුතු කළ පර්සි මහතා ගැන පාකිස්ථාන චියර්ලීඩර් සුෆි අබ්දුල් ජලීල් සඳහන් කර ඇත්තේ තමන්ට ද අවශ්‍ය ව ඇත්තේ පර්සි කෙනෙක් වීමට බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය ද නරඹා ඇති ආදරණීය පර්සි මහතාගේ ඔල්වරසන් දීම ආරම්භ වී ඇත්තේ 1950 ගණන්වල දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බවයි වාර්තා වන්නේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි | LIVE at 8 News

පර්සි අබේසේකර මිය යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අපේ පර්සි ක්‍රිකට් තරුවකගේ ජීවිතය බේරාගත් හැටි - Roar සිංහල

ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්ගේ පණ බේරූ පර්සි අබේසේකර