ත්‍රීරෝද රථයක් තුල 13 වියැති දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක් ත්‍රිරෝද රථයක් තුළ දී දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසනවා.
වාරියපොළ – මල්වාන වැව අසල ත්‍රිරෝද රථයක් තුළ බාල වයසකාර දැරිවියක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු රැදී සිටින බවට ඊයේ (19) වාරියපොළ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ත්‍රිරෝද රථය තුළ සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහමුනේ, වෙන්නංකරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී දැරිය පොලීසියට පවසා ඇත්තේ ත්‍රිරෝද රථය තුළ තමන් සමඟ සිටි පුද්ගලයා තමාව දූෂණය කළ බවයි.
දැරිය සතුව තිබූ බෑගයක් තුළ තිබී පාසල් නිල ඇඳුමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, තමන් කඩහපොල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවට දැරිය පොලීසියට පවසා තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.