අනුරාධපුර, කූබිච්චන්කුලම වැවේ මාළු හදිසියේ මියගිහින්

අනුරාධපුර, කූබිච්චන්කුලම වැවේ මාළු හදිසියේ මියගිහින්

අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයට ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කුබිචන්කුලම වැවේ ඇවිදින මං තිරැවේ ව්‍යායාම කිරීම සදහා පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගඳක් හැමීම නිසා ඒ පිලිබදව පරික්ෂා කිරිමේදී වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබී තිබුණි.

ජලජිවී වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.

එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්, පොකිරිස්සන්, තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මෙසේ මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවී ගොඩ ගැසී තිබේ.

(දයාරත්න ඇඹෝගම)