ස්ථාන කිහිපයක සැමරුම් උත්සව වළකාලමින් වාරණ නියෝගයක්

ස්ථාන කිහිපයක සැමරුම් උත්සව වළකාලමින් වාරණ නියෝගයක්

අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.