මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක්

මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක්

නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම නව පනත ගෙන ඒමට නියමිතය.

මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනත සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වලට උපදෙස් දුන්නේය.