තවත් කතකට දිවි අහිමි කරමින් ජපාන සිසුවියක් සියදිවි නසාගනී

තවත් කතකට දිවි අහිමි කරමින් ජපාන සිසුවියක් සියදිවි නසාගනී

ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවකගේ ඇඟට වැටී දෙදෙනාම මරණයට පත්ව තිබේ.

එම සිසුවිය සියදිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් සාප්පු සංකීර්ණයක්වූ එම ගොඩනැගිල්ලේ 12 වැනි තට්ටුවෙන් බිමට පැන ඇති බවත් ජපාන පොලිසිය පවසයි.

තුවාල සහිතව කාන්තාවක් සහ තරුණියක් බිම වැතිර සිටින බවට පසුගිය 31 වැනිදා සවස 6 ට පමණ ජපාන පොලිසියට ඇමැතුමක් ලැබී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් තිබේ.

තුවාල ලබා සිටි කාන්තාව සහ තරුණිය රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළත් ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති බවයි එරට මාධ්‍ය පැවැසුවේ.

17 හැවිරිදි පාසල් සිසුවිය 32 හැවිරිදි කාන්තාවගේ ඇඟට වැටෙන අයුරු අසළ ගොඩනැගිල්ලේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවද පැවැසෙයි.

32 හැවිරිදි කාන්තාව ආයතනික සේවිකාවක් බවත් 17 හැවිරිදි පාසැල් සිසුවිය උසස් පාසලක තෙවැනි වසරේ ශිෂ්‍යාවක් බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.