රුසියානු යුක්‍රේන යුද්ධයට ගිය සෙබළුන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි

රුසියානු යුක්‍රේන යුද්ධයට ගිය සෙබළුන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ සිටි විශ්‍රාමික සෙබළුන් රුසියාව වෙත යවා යුද්ධය ඇති ප්‍රදේශවලට යොමු කර ඇති බව පවසමින් එහි ගිය සෙබළුන්ගේ ඥාතීන් අද (27) සිරිකොත පක්ෂ මූලස්ථාන ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.

මෙම සෙබළුන් ලංකාවට ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් උද්ඝෝෂකයින් එහිදී විරෝධතාවයේ නිරත වුණි.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ රටේ සෙබළුන් ගෙන්වා ගත්තා නම් අපේ රටේ සෙබලුන් ඔබතුමාට ගෙන්වා ගත හැකි යනුවෙන් ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේය.

එම සෙබළුන් ගෙන්වා ගෙන්වා ගන්නවා නම් ජනාධිපතිතුමා සමඟ ඕනෑම අවස්ථාවක හිට ගැනීමට ඔවුන් සූදානම් බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයාට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමාගේ පෞද්ගලික ලේකම්වන නාමින්ද මහගසේකර මහතා හට ඔවුන් ලිපියක් ලබා දුන්නේය.

 

Share This