
යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙයි
පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ.
අදාළ රාත්‍රී සමාජ ශාලාවට පැමිණ සිටි පිරිසක් ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබූ අතර ඉන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත.