යක්කලමුල්ලේ ඝාතනයක්

යක්කලමුල්ලේ ඝාතනයක්

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (24) රාත්‍රියේ එම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා පොල්පගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

එම පුද්ගලයා නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.