පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම්ට වරෙන්තු

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත් කළේය.

මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර සිටියේ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වග උත්තර කරුකරමින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී ය.

මීට පෙරදීද වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිරණයේ පෙනී නොසිටි අතර,මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරනයේ පෙනී නොසිටියේ ය.

රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුලුවීම,දේපළ අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනා විය