ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක සටන අද

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක සටන අද

2024 විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරගය අද (09) පැවැත්වේ.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමගයි.

තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 7:30ට ඩුබාහිහිදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

මෙම තරගය ද සමඟ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාවට තරග දෙකක් ඉතිරිව ඇති අතර, අවසන් පූර්ව වටයට පිවිසීමට සුළු හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරග දෙකම ඉහළ දළ ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.