ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ අද (19) බුලවායෝහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟය ද අද පැවැත්වීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩයේ සෙසු රටවල් වන්නේ අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය සහ ඕමානයයි.

ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදී.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග ඊයේ (18) ආරම්භ කෙරුණු අතර, ඒ අනුව පැවති තරග දෙකෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට ජය හිමිවිය.

පළමු තරගය ඇමරිකාව සමඟ පැවති අතර, එහිදී ලකුණු 39 ක ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

 

Share This