කොළඹ කුණු ඇළක කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක කාන්තා මළසිරුරක්

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.

පොලීසියට ලද ඇමතුමක් අනුව, ඊයේ (29) දහවල් මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.

පොලිසිය පැවසුවේ, මිය ගොස් සිටින කාන්තාව වයස අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියක් බවයි.

ඇය කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමක් ඇඳ සිට ඇත.

මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share This