නාඳුනන කාන්තා මළ සිරුරක් බොරළු වළකින් සොයාගනී

නාඳුනන කාන්තා මළ සිරුරක් බොරළු වළකින් සොයාගනී

මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවූ බව මැදවච්චිය පොලිසිය පවසයි.

ඊයේ (09) පස්වරුවේ දී මෙම මළසිරුර සොයාගෙන ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන කාන්තාවක් බවයි, පොලිසිය පැවසුවේ.

කෙසේනමුත්, ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම කාන්තාව මරණයට පත් වන විට ගවුමක් සහ ලෙගින් වර්ගයේ කලිසමක් හැඳ සිට ඇති අතර මෘත ශරීරයේ තුවාල නිරීක්ෂණය වන බැවින් එය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පල කරයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.