රනිල් ගත් තීරණයක් විජිත අත්හිටුවයි

රනිල් ගත් තීරණයක් විජිත අත්හිටුවයි

වසර 130ක් පමණ පැරණි නුවර එළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තු කටයුතු සඳහා පමණක් යොදාගැනීමට තීරණය කළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය.

මෙම ගොඩනැගිල්ල සහ පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය අත්හිටුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

“නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා.

නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා.

ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”