ශ්‍රිලනිප වැඩබලන සභාපති ධූරය විජේදාසට

ශ්‍රිලනිප වැඩබලන සභාපති ධූරය විජේදාසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා .

ඒ අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පැවති විධායක සභා රැස්වීමක දී යි.

ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් සහභාගි ලැබුවා.

මේ අතර ඊයේ පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා කැඳවූ බව කියන දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරණතුංග සමග කටයුතු කරන පිරිස මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ පවත්වා ඇති බවට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින්ද චෝදනා එල්ල කරනු ලැබුවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි අද දිනයේද මෙලෙස නිදහස් පක්ෂ විධායක සභාව රැස්කරනු ලැබුවේ.

Share This