රිය අනතුරකට මුහුණදුන් විජයකලා මහේෂ්වරන් දැඩි සත්කාර ඒකකයට
හිටපු රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන පුත්තලම – කොළඹ මාර්ගයේ මුන්දලම, මංගළඑළිය ප්රදේශයේදී රිය අනතුරකට මුහුණදී තිබේ.
අනතුරින් තුවාල ලබා ඇති හිටපු රාජ්ය ඇමතිවරිය ප්රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හලාවත මහ රෝහලට මාරු කර යවා ඇත.
මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.
හිටපු රාජ්ය ඇමතිවරිය ගමන් ගත් වෑන් රථය යාපනය ප්රදේශයේ සිට කටුනායක බලා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරාට නින්දයෑමත් සමග වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද උදෑසන 5.50 ට පමණ අනතුර සිදුව තිබේ.
අනතුරකින් ඇය ඇතුළුව එහි පැමිණි සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි, මුන්දලම පොලිසිය පැවසුවේ.
මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එච් එම් රාජකරුණා මහතා පරීක්ෂණ පවත්වයි.