විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රුපියල් විසිලක්ෂ හැටදහසකට වැඩි වටිනාකමකින් යුත් විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යාමට උත්සාහ දැරීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි, සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිටමෙරටට පැමිණ තිබේ.

සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී විද්‍යුත් දුම්වැටි 1,105ක් සොයාගෙන ඇති බව සදහන්.

ඒ අනුව, විද්‍යුත් දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර සැකකරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කිරීමටයි, කටුනායක ගුවන් තොටුපළ රේගුව කටයුතු කළේ.