යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත පිලිබඳ විවාදය අද

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත පිලිබඳ විවාදය අද

විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු එම නව විදුලිබල පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව ඉදිරිපත් කළ සංශෝධන අනුගත කරමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද සඳහන්.

විදුලිබල පනත් කෙටුම්පත හරහා විදුලිබල මණ්ඩලය කොටස් 6 කට වෙන් කර සමාගම් බවට පත් කිරීම ඇතුළු යෝජනා මෙහි ඇතුළත්.

Share This