
ත්‍රීරෝද රථයක් පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට
අද (31) අලුයම පේරාදෙණිය – ඒදඬුවාව ප්‍රදේශයෙදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
ත්‍රීරෝද රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.