ත්රිරෝද රථයක් ප්රපාතයකට පෙරළෙයි
හැටන් සිට වටවල මවුන්ට්ජින් වත්ත දක්වා ධාවනය වු ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ ප්රපාතයට පෙරළීමෙන් ත්රිරෝද රථයේ රියදුරා සහ මගියෙකු බරපතල ලෙස තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහල වෙත (27) දින අලුයම ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්රතිකාර සදහා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ (27) දින අලුයම 1 ට පමණ වටවල කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේදිය.
අධික වේගයෙන් ධාවනය කර ඇති ත්රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී ඇති බවත්, අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පවසයි.