
ත්‍රීවිල් ගාස්තුව ගැන තීරණයක්
ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, පෙට්‍රල් මිල රුපියල් 10 කින් අඩු කළ ද ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකි වන්නේ රුපියල් දෙකකින් බවයි.
ඒ, අනුව මගියාට රුපියල් දෙකක ලාභයක් ලබා දී විහිළුවකට පත්වීමට හැකියාවක් තම සංගමයට නොමැති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි, ඔහු සඳහන් කළේ.