ජනතාවට කඩිනම් සේවයක් දෙන්න කම්කරු අමාත්‍යාංශයෙන් වට්ස්ඇප් අංකයක්
ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ.
වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිත තාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහාත් “0707 22 78 77” යන මෙම නව වට්ස්ඇප් අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය පවසයි.
සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වට්ස්ඇප් අංකයට ජනතා ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇත.
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටළු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, ජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත් නිළධාරීන්ගේ කාලය කළමනාකරණය කරගැනීමේ පහසුව සඳහාත් මෙම වට්ස්ඇප් අංකය හදුන්වා දී ඇති බව කම්කරු අමාත්‍යාංශය පැවසීය.