ග්‍රේට් වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් හදිසියේ මිය යයි

ග්‍රේට් වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් හදිසියේ මිය යයි

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි.

මෙසේ මියගොස් ඇත්තේ යුදහමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවෙන් කෝප්‍රල් හේරත් නමැති අනුරාධුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.

ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ කදවුරු බැදිම සදහා (01) දින එම කදු වැටියට ගිය පිරිසක් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මල සිරුරක් දැක තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුම්දීමකට අනුව එම මළ සිරුර සොයාගත්තේය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරුර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට අද (02) දින නියෝග කළේය.

මල සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරික්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින් සිරුර දැඩි පරිශ්‍රමයක් දරා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කදු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබුහ.

Share This