ගම්පහ සොහොන් පිටියකින් ගිනි අවියක් සහ පතොරම් සොයාගැනේ

ගම්පහ සොහොන් පිටියකින් ගිනි අවියක් සහ පතොරම් සොයාගැනේ

ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට ඊයේ (26) දින පස්වරුවේ හැකිවී තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (26) උදෑසන මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම විමර්ශනය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙම ආයුධ පිළිබඳ තොරතුර ඔවුන්ට ලැබී ඇත.

ගිනිඅවිය කවුරුන් විසින් මෙහි සඟවා ගියේ දැයි මේ දක්වා හෙළිවී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම වැටලීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන පද්මසිරි හා දොලමුල්ල මහත්වරුන් සහභාගි වූහ.