බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැක T56 ගිනි අවියක් සොයා ගැනේ

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැක T56 ගිනි අවියක් සොයා ගැනේ

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකෙරෙන T 56 ගිනි අවිය සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන “සාමික” නැමැත්තා බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

36 හැවිරිදි වියේ පසුවන ඔහු යුද හමුදාවේ සේවය කර ඉන් පලා ආ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගිනි අවිය සමග මැගසිනයක් සහ ජීව උණ්ඩ 32 ක් පොලිස් භාරයට ගෙන ඇත.

නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු හා මග පෙන්වීම මත ගිනි අවිය හා සෙසු උපකරණ සැකකරු පදිංචි නිවසට ආසන්න කුරුඳු ඉඩමක වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.