ඇඳේ මෙට්ටයෙන් ගිනි අවි, උණ්ඩ සහ කඩු හමුවෙයි – කාන්තාවක් අත්අඩංගුවට

ඇඳේ මෙට්ටයෙන් ගිනි අවි, උණ්ඩ සහ කඩු හමුවෙයි – කාන්තාවක් අත්අඩංගුවට

ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හබරාදුව හරුමල්ගොඩ වැල්ලගෙවත්ත පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.

පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් නිවස පරික්ෂා කිරිමේදි ඇයගේ නිදන මෙට්ටය තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලි මිටර් 09 උණ්ඩ 02ක් සහ කඩු දෙකක් සොයාගෙන ඇත.

පරික්ෂණවලදී අනවරණය වී ඇත්තේ, මෙම කාන්තාවගේ සැමියා ප්‍රදේශය හැර ගොස් සිටින බවය.