YouTube නරඹා තුවක්කු හැදූ මාමා සහ බෑනා අත්අඩංගුවට

YouTube නරඹා තුවක්කු හැදූ මාමා සහ බෑනා අත්අඩංගුවට

යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුරලිය සීතදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක්, ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කරයි.