විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

පොලීසිය ලැබුණු තොරතුරක් මත ඊයේ (03) රාත්‍රියේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ කළ වැටලීමකදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත මිලිමීටර් 3.8 ක ප්‍රමාණයේ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

සැකකරු ගුවන් හමුදාවේ කලක් සේවය කර ඉවත් වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරගත ව සිට මෑතකදී ඇප මත නිදහස් වී සිටින අයෙකු බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරුට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය හෝ එය ළඟ තබාගෙන සිටීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැහැ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දංකොටුව පොලිස් ස්ථානයට භාර දී තිබෙන අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.