මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ගැන පරීක්ෂණ

මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ගැන පරීක්ෂණ

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි, එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ.