කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණයෙන් නිවේදනයක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව ඊයේ (30) පෙ.ව. 08.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 420ක් පමණ උතුරුදෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ උතුරුදෙසින් පිහිටා තිබුණි.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඊයේ සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ වෙත ලඟා වී තිබුණි.

මෙම පද්ධතිය ඉන්දියාව තුලට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති අතර දිවයිනේ කාලගුණයට එමගින් ඇතිවන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.