ප්‍රදේශ කිහිපයක කාලගුණයේ වෙනසක්

ප්‍රදේශ කිහිපයක කාලගුණයේ වෙනසක්

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (11) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරෙන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

Share This